About Us

PSB Academy වෙත සාදරයෙන් පිළිගනිමු

අනාගත ලෝකය ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ නිවැරදි මගපෙන්වීම ලබා දෙන ඔබේ විශ්වාසනීය අධ්‍යාපනික හවුල්කරුවා.

අපේ දැක්ම

ශ්‍රී ලංකාවේ ගුරු සේවය, විදුහල්පති සේවය ඇතුළු රාජ්‍ය අංශයේ වෘත්තීය විභාග සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ට සහ පාසල් සිසුන්ට නවීන තාක්ෂණය මුසු වූ උසස් අධ්‍යාපන අවස්ථා සමීප කිරීම අපේ අරමුණයි.

විශිෂ්ට ප්‍රතිඵල

නවීන ග්‍රන්ථ

පළපුරුදු ගුරු මඩුල්ල

අප ආවරණය කරන ක්ෂේත්‍ර

PSB Academy හරහා අපි පුළුල් පරාසයක විහිදුණු අධ්‍යාපනික සේවාවන් රැසක් සපයන්නෙමු:

  • ගුරු/විදුහල්පති විභාග: තරඟ විභාග සඳහාම වෙන්වූ විශේෂිත පාඨමාලා සහ ප්‍රකාශන.
  • ICT: පාසල් සිසුන් සඳහා සරලව මගපෙන්වීම.
  • විද්‍යා/ගණිත: 10 වසරෙන් උසස් පෙළ විද්‍යා/ගණිත හැදෑරීමට හැකි ලෙස දරුවන් ගොඩනඟන පාඨමාලා.
  • රොබෝ තාක්ෂණය: දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන Robotics (Kids) පාඨමාලා.
  • AI තාක්ෂණය: තාක්ෂණය අධ්‍යාපනයට AI තාක්ෂණය භාවිතය පුහුණු කරන පාඨමාලා.

මුළු දිවයිනටම

අද වන විට මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනම ආවරණය වන පරිදි සිය දහස් ගණනක් වූ සිසුන් සහ ගුරුවරුන්ගේ විශ්වාසය දිනා සිටී.